Spread the love

ලංකා IOC සමාගම ද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය කර ඇත.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 365ක්ද,ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 420ක්ද,මේ අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 351ක්ද,
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 421කි