Spread the love

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් කළ ඉල්ලීමට එරෙහිව අධිකරණ ක්‍රියාමර්ග ගැනීමට සූදානම් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

මේ අතර මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ එම ඉල්ලීම සම්බන්ධයෙන් එළැඹෙන ඔක්තෝබර් 18 වනදා දක්වා මහජන අදහස් විමසීමට නියමිත බවය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ, ඉන්ධන අයභාරයක් ලෙස සියලුම විදුලි පාරිභෝගිකයින්ට 22%ක ගාස්තු වැඩි කිරීමක් හෝ විදුලි ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තුව රුපියල් 8කින් වැඩි කිරීමට විදුලි බල මණ්ඩලය කොමිසමෙන් ඉල්ලා ඇති බවය.

මේ සම්බන්ධයෙන් කඩිනමින් සලකා බලන ලෙස ද අමාත්‍ය මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව එම ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් එළැඹෙන ඔක්තෝබර් 18 වනදා දක්වා මහජන අදහස් විමසීමට නියමිත බව එම කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මේ අතර පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් විදුලිබලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.