Spread the love

මතුගම ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු වැටලිමට ගිය කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරියකුට පහර දී ඔහු සතු රුපියල් 245,000ක මුදලක් මුදල් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මතුගම පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම කොල්ලකෑම සිදු වී ඇත්තේ පසුගිය මස 12 වැනිදා මතුගම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා වෙස්වලාගෙන ගිය සුරාබදු නිලාධාරියකුට බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන සුරාබදු පරීක්ෂක නිරෝෂ් ජයකොඩි මහතා පවසයි.

උපාය දූතයකු ලෙස යෙදවූ සුරාබදු නිලධාරියාට ජාවාරම්කරුවන්තිදෙනකු තියුණු ආයුධයකින් පහර දී එම නිලධාරියා සතු ව තිබූ රුපියල් 245,000ක මුදලක් කොල්ල කා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිදු කළ විමර්ශනයේ දී ඊට සම්බන්ධ සැකකරුවකු ඕවිටිගල ප්‍රදේශයේ දීත් තවත් සැකකරුවෙකු බදුරලිය ප්‍රදේශයේ දීත් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතු ව හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 553ක් ද සොයා ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මතුගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.