Spread the love


නිමල් රාජපක්ෂ-


ශ්‍රී ලංකාව තුළ සෑම ක්‍රීඩාවක්ම සකස් කර ඇති ක්‍රීඩා නීතියට අනුව සෑම ක්‍රීඩා සංගමයක්ම කටයුතු කළ යුතු බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සහ ආසියානු පාපන්දු සම්මේලනයේ නියෝජිතයින් පිරිසක් සමග පැවැති විශේෂ සාකච්ඡාවක මේ බව අනාවරණය කළේය.

තව දුරටත් අදහස් දැක්වු ක්‍රී ඩා ඇමතිවරයා ,යම් හෙයකින් ක්‍රීඩා සංගමයක් හෝ සම්මේලනයක් එම නීතියට පිටින් ගොස් ක්‍රීඩකයන්ට අසාධාරනයක්, යම්කිසි වැරැද්දක්, වංචාවක්, දුෂණයක් සිදු කරන්නේම් එයට එරෙහිව නීතිමය කටයුතු හෝ අභියාචනා කමිටුවට අනුව ක්‍රියා කළ පසු ඇතැම් නිළධාරීන් කොටසක් එම වැරදි සගවා ගැනීමට ජාත්‍යන්තර සංගම් හා සම්මේලන වෙත පැමිණිලි කර සිටින්නේ එය දේශපාලන අත පෙවීම් ලෙසයි. එයින් රටත්, රටේ කීර්තිනාමයත්, ක්‍රීඩාවත් විනාෂ වී යාම සිදු වන බව අවධාරණය කරන ලදි.
මෙය වලක්වා ගැනීම සදහා ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සමගින් මනා සම්බන්ධතාවයන් පවත්වාගෙන යමින් ගන්නා ලබන තීන්දු තීරණ ඔවුන් වෙත දැනුවත් කර ක්‍රියාමාර්ගයන් ගන්නා බව අමාත්‍යවරයා පැමිණ සිටි නියෝජිත පිරිසට දැනුම් දුන්නේය.
මෙම තත්ත්වය පාලනය කර වංචාවෙන් දූෂණයෙන් තොර පිරිසිදු ක්‍රීඩාවක් රට තුළ ඇති කිරීම තමා ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශයේ වගකීම හා යුතුකම බවත් ජනාධිපතිතුමාගේ ස්ථාවරය වන්නේ ද ශ්‍රී ලංකාවේ දූෂණයෙන් හා වංචාවෙන් තොර වූ පරිසරයක් නිර්මාණය කිරීම බවත් අමාත්‍යවරයා මෙහි දී පැවසීය.