Spread the love

ඉන්දියානු බිත්තර මෙරටට ආනයනය කිරීම හරහා විශාල කොමිස් ගනුදෙනුවක් සිදුවන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු පිරිසක් එක්ව මෙය සිදුකරන බවත් එය ඔප්පු කිරීමටද තමන් සූදානම් බවයි මාධ්‍යවේදියෙකු සමඟ පැවති සංවාදයක් අතරතුර ඔහු සඳහන් කළේ.

මෙරටට ගෙන්වන්නේ ඉන්දියාවෙන් දෛනිකව ඉවත් කරනු ලබන භාවිතයට නුසුදුසු බිත්තර බවද, එම බිත්තර අඩු මුදලකට ලැබුනද එය වෙළඳපොළට පැමිණෙන විට මිල විශාල ලෙස වැඩිවන බවද ඔහු පෙන්වා දෙයි..