Spread the love

මේ වන විට රටවල් කීපයක පැතිර යන “නීපා“ වෛරසය පෘට් බැට් වවුල් විශේෂයෙන් පැතිර යන බැවින් සතුන්ගේ දත් පාරවල් වැදී පළුදු වූ පළතුරු දරුවන්ට නොදෙන්නැයි වසංගත රෝග විද්‍යා අංශය ජනතාවට දැනුම් දී සිටියි.

පෘට් බැට් වවුල් විශේෂය ලංකාව තුළ සිටින්නේද යන්නන පිලිබදව තවමත් වාර්තා නොමැති බැවින් මේ පිලිබඳව සැලකිලිමත් වීම වඩාත් යෝග්‍ය යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා සඳහන් කරයි.

මෙසේ පළුදු වූ පළතුරු වැඩිහිටියන් ආහාරයට ගන්නේ නම් හොදින් සෝදා ආහාරයට ගත යුතු යැයිද හෙතෙම පෙන්වා දෙනවා..

මෙම වෛරසය වවුලන් තුල ගුණනය වී උන්ගේ ඛේටයට එකතුවෙන බවත් මෙම ඛේටය පළතුරුවල හෝ රාමුට්ටියකට මිශ්‍ර වුවහොත් ඒවා මිනිස් සිරුරට ඇතුලු විය හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

මේ ‍හේතුවෙන් යම් හෙයකින් මිනිසුන් අතර මෙම වෛරස පැතිර ගියහොත් රෝගය මිිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි බවත් වෛරසය ශරීර ගත වූ පුද්ගලයෙකු සමග ළඟ ඇසුරක් පැවතිය හොත් තවත් පුද්ගලයින්ට මෙම රෝගය බෝවිය හැකි බවත් විශේෂඥවරයා පවසා සිටිනවා.

මෙම වෛරසය පිලිබද වසංගත රෝග විද්‍යා අංශය හොඳ අවධානයෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අවශ්‍ය ද තොරුතු ලබා ගනිමින් සිටින බවත් වෛද්‍ය ගිනිගේ මහතා පැවසුවා.

ඉන්දියාවේ කේරළයේ දැනට රෝගීන් 6 ක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 2ක් මිය ගොස් ඇතිබව විදේශ් පුවත් වාර්තා කර ඇත.

කෙසේ නමුත් මෙම වෛරසය ලෝකයට අලුත් දෙයක් නොවන බවත් මෙය කාලේන් කාලයට පැතිර යන වෛරසයක් යැයිද වසංගත රෝ ග විද්‍යා අංශය සඳහන් කරයි.