Spread the love

කුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (21) වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ කුකුළු නිෂ්පාදකයින් අතර පැවැත්වීමට නියමිතව තිබේ.

වෙළඳපොලෙහි මේ වනවිට පවතින මිලට වඩා කුකුළු මස් මිල රුපියල් 200 කින් පමණ අඩු විය යුතු බවයි වෙළෙඳ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

කුකුළු මස් මිල අඩු කිරීමට කුකුළු නිෂ්පාදකයින් එකඟතාව පළ නොකළහොත් කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.