Spread the love

කුරුණෑගල, ගනේවත්ත හිරිපිටිය විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ දරුවන් 15 දෙනෙකු පමණ හදිසියේ ඇතිවු රෝගි තත්ත්වයක් හේතුවෙන් එම පාසල අද (20) හදිසියේම වසා දැමා ඇත.
ප්‍රාථමික අංශයේ දරුවන් 250 ක් පමණ මෙම පාසලේ ඉගෙනුම ලබනු ඇත.

දරුවන් පාසලේ ඉගෙනුම ලබමින් සිටි අවස්ථාවේදී ළමුන් කිහිපදෙනෙකුට ශරීරයේ කැසීමේ රෝගී තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඔවුන්ව ගනේවත්ත ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදී ඇත.

මේ වන විටත් ළමුන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.

ඒ, අනුව ගනේවත්ත ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාගේ අධීක්ෂණය යටතේ පාසලේ සියලුම පන්ති කාමර විෂබීජනාශක යොදා පිරිසිදු කිරීමට පියවර ගෙන තිබේ.