Spread the love


නිමල් රාජපක්ෂ-

බෙල්ජියමේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කල පාර්සලයක තිබී රුපියල් 16,470,000/ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (19) ගමන්බඩු අංගනයේ රේගු නිලධාරින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පාර්සලයේ තිබී හෂිශ් වර්ගයේ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 1098 ක් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක , රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පවසයි.

මෙම පාර්සල එවා තිබුණෙ මගීන්ගේ ගමන් බඩු අඩංගු බහාලුමකනි. වෙන්නප්පුව ප්‍රදේශයේ පුද්ගලයකුගේ ලිපිනයකට එවා තිබු බවද සදහන්.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සදහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්ය්‍යංශයට බාරදීමට නියමිත බවද සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේය.