Spread the love

රත්නපුර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝගීවීමෙන් ප්‍රතිකාර සදහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත මෙම ළමුන් පිරිස රෝහල්ගතකර ඇති බවයි පොලීසිය පැවසුවේ. .

ළමුන් 30ක් පමණ එලෙස රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවය