Spread the love


තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව පහත සඳහන් දෑ සම්බන්ධ වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවා බවට පත් කර ඇත.

– විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා

– ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම සම්බන්ධ සියලු සේවා 

– රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා හා සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම, පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම හා සම්බන්ධ සියලු සේවා