Spread the love

එන්නතක් නිසා ඇතිවු සංකූලතා හේතුවෙන් තවත් බිළිඳු දරුවෙකුට දිවි අහිමි වී තිබෙනවා.

මේ අවාසනාවන්ත පුවත වාර්තා වෙන්නේ මාතර වැලිගම ප්‍රදේශයෙන්.

මාස 04 ක් වයසැති කුඩා දරුවෙකුට එන්නතක් ලබාදීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බවටයි එම දරුවාගේ මවුපියන් චෝදනා කරන්නේ.

එම දරුවාට එම එන්නත ලබාදී තිබුනේ පසුගිය (02) වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සායනයකදීයි.

එම එන්නත ලබා දීමෙන් අනතුරුව සංකූලතා මතු වී ඇති බවත් රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි දරුවාගේ මරණය සිදුවී තිබෙන්නේ.