Spread the love


නිමල් රාජපක්ෂ-

වගාහානී සිදු වුවත් ලබන මහ කන්නයේ අස්වැන්න නෙළා ගන්නා තෙක් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර මහතා පවසයයි. නමුත් පරිභෝජනයට අවශ්‍ය තරම් සහල් සහ වී තොග රට තුළ පවතින බව ද අවධාරණය කළේය.

මේ අතර දැනට පවතින වර්ෂාව හේතුවෙන් අස්වනු නෙලා ගැනීමට ආසන්න අවස්ථාවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඹුරු රැසක් ජලයෙන් යටවී ඇති බවත් වාර්තාවේ
. ඒ සම්බන්ධවත් අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය.