Spread the love

නිමල් රාජපක්ෂ –

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් ලෙස ප්‍රතිව්‍යුහගත කිරීමේ දී එය ඉන්දීය දුම්රිය යාන්ත්‍රණයට සමානව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇතැයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුව කඩාවැටී ඇති තත්ත්වයෙන් ගොඩගැනීමට ඇති එකම විසඳුම දුම්රිය සේවය ප්‍රතිව්‍යුහගත කිරීම පමණක් බවත් මෙය අධිකාරියක් ලෙස පවත්වාගෙන යාම වැදගත් බවත් ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් ආණ්ඩුව දැනුවත් කර ඇත.