Spread the love

මෙවර යල කන්නයේ වී වගාවට සිදුව ඇති හානිය සුවිශේෂිත බැවින් වහාම වැඩි වන්දි මුදලක් ගෙවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සදහන් කරයි.

දැනට සිදු කෙරෙන වගා හානි තක්සේරු කිරීම් අවසන් වූ වහාම සමස්ත වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර මහ කන්නය ආරම්භ වීමට ප්‍රථම අදාල වගා හානි වන්දි ලබා දීම සිදු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.