Spread the love

යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් යාපනයේ වඩමරච්චි තාලයඩි ප්‍රදේශයේ ආරම්භ කොට තිබෙනවා.

මේ යටතේ මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය බවට පත්කෙරෙන අතර එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70000 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකි වෙතැයි ගණන් බලා ඇත්තේ.

ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 400 ක් වන අතර ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

ලබන වසරේ මුල්කාර්තුව ඇතුළතදී තාලයඩි ප්‍රදේශයේ නව ව්‍යාපෘතිය තුළින් යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය සපයා දීමට බලාපොරොත්තු වෙයි.