නිමල් රාජපක්ෂ-
බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය බීඩි නිෂ්පාදකයින් දෙදෙනකු වටලා රුපියල් ලක්ෂ පහක් වටිනා සෙන්දු කොල හා බීඩිතොගයක් සමගින් සැකකරුවන් 2 කු රුවන්වැල්ල සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තොගයේ බීඩි 147,780ක්, තෙන්දු කොළ කිලෝ ග්‍රෑම් 68.500 ක් සහ බීඩි දුම්කොළ 109.500 තිබු බව රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක චන්දන කස්තුරිආරච්චි මහතා පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ශාමන් රත්නායක මහතා වෙන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් රුපියල් ලක්ෂ 10ක සමථ ගාස්තුවක් ගෙවන ලෙස නියම කර ඇත
සබරගමු පලාත් සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත ද කොස්තා මහතාගේ උපදෙස් මත, කෑගල්ල සුරාබදු අධිකාරී රොස්මන්ඩ් ප්‍රනාන්දු මහතාගේ අධීක්ෂණයෙන් රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති චන්දන කස්තුරිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් රුවන්වැල්ල සුරාබදු ස්ථානයේ සුරාබදු පරීක්ෂක රසික වීරසිංහ, සුරාබදු සැරයන් මේජර් ගම්ලත්, සුරාබදු නියාමකවරුන් වන 1144 හසිත සිරිවර්ධන, 1165 දිනේෂ් ප්‍රේමවර්ධන සහ සුරාබදු රියදුරු රුවන් යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.