Spread the love

නිමල් රාජපක්ෂ-

දිවයින පුරා සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදි මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකරුවන් දහසකට වැඩි පිරිසක්ගෙ වටලා රුපියල් කෝටි තුනකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරික්ෂක අනුර අලුත්ගේ මහතා පවසයි.

මෙම වැටලීම් වලදී වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කොළඹ ප්‍රදේශයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත. ඇප්ගනිස්ථානය වැනි වරටවලින් දකුණු පලාත් මුහුදු තීරය හරහා හෙරොයින් අයිස් වැනි මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වන බවත් , ජාවාරම් කරුවන් කොළඹ කුරුණෑගල ,මහනුවර යන ප්‍රදේශවලට බෙදා හරින බවද සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරිිමේදි අනාවරණය වු බව ද අනුර අලුත්ගේ මහතා පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු ඒ මහතා ,

වීඩියෝව නරඹන්න subscribe කරන්න

සුරාබදු කොමසාරිස් ජෙනරාල් සමන් ජයසිංහ , අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආචාර්ය කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත, සුරාබදු කොමසාරිස් චන්ද්‍රසිරි සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ , සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ අධිකාරී කේ.පි.එස් පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් , සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක අනුර අලුත්ගේ ,පරීක්ෂකවරුන්වන සමන්ත ජානක, ආර්.ඒ.එන්.ජේ රණවීර, යු.කේ,එදිරිසිංහ, සී.ටී.ඒ.පී ගමගේ යන යන මහත්වරු සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම වැටලීම් සිදු කළහ.