Spread the love

2023 ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400×4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේදී ශ්‍රී ලංකාව ට රිදී පදක්කමක් දිනාගැනීමට හැකිවිය.

ශ්‍රී ලංකා කණ්ඩායම එම තරගය නිම කළ කාලය සටහන් වී ඇත්තේ 3:15.41ක් ලෙසය.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ බැංකොක් නුවරදීය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද වාර්තා කළ කාලය මීටර 400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් ලෙස සටහන් වුණි.