නිමල් රාජපක්ෂ-
පාසල් අධ්‍යාපනය හදාරන දරුවාගේ මනස මානසික ආතතියෙන් දුරස් කොට ආකල්ප කුසලතා වලින් පිරිපුන් නිරවුල් දරුවකු කරාතේ ක්‍රීඩාව තුළින් බිහිකළ හැකි බව ශ්‍රී ලංකා කරාතේ දෝ ගම්පහ දිස්ත්‍රික් සංගමයේ සභාපති ඒ.එල්.ඩබ්ලිව්. එල් මහේෂ් කුමාර මහතා පවසයි.

කරාතේ ක්‍රීඩාව තුළින් . දරුවකු කිසියම් සංයමකින් කටයුතු කිරීමට පුරුදු පුහුණු වනු නොඅනුමානයි. කරාතේ ක්‍රීඩාව මොනයම් විදිහකටවත් අපරාධ සිදු කිරීමට පුරුදු පුහුණු කරන ක්‍රිඩාවක් නොවේ. මෙය විශේෂයෙන් දරුවකු ගේ මනස නිසියාකාරව තබා ගැනීමට ආත්ම ආරක්ෂාව සදහා කරන ක්‍රීඩාවකි . මේ තුළින් තමන්ට නිරෝගීව ජිවත්වීමේ අවකාශය නොපිරිහෙලාම ඉටුවෙන නොඅනුමාන බවද කරතේ දෝ සංගමයේ සභාපතිවරයා පැවසුවේය
.

1990 වසරේ පාසල් අවදියේ කරාතේ ක්‍රිඩාවට යොමුවුන මහේෂ් කුමාර මහතා අද දක්වා පුරා වසර 33 ක් කරතේ ක්‍රීඩාව ප්‍රගුණ කර තිබිණ .එයින් පුරා වසර 23 දරුවන් වෙනුවෙන් කරාතේ පුහුණු කිරිමටයොමුවී තිබිණ. අද වනවිට කරාතේ ක්‍රී ඩාවට යොමුවුන මහෙෂ් කුමාර මහතා කරාතේ කලුපටි හත්වන ශ්‍රේණිය, ජාතික හා ජාත්‍යන්නර වශයෙන්ද ලබා ගෙන තිබෙන බවද පැවසුවේය.

ඹ්නෑම දරුවකුට තම පංතියට සහභාගිවීමට හැකි ආකාරයට මුදල් පසුපස හබා නොගොසින් කරතේ ක්‍රීඩාව පුහුණු කිරිීමට යොමුවි තිබේ . ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් සංගමය ලියාපදිංචි කර තිබෙන අතර ක්‍රීඩාව ප්රගුණකර අවසන් කරන සැමට අවසානයේදි ජාත්‍යන්තරය පිළිගන්නා ලද සහතිකයක් ලබා දීමට කටයුතු කෙරේ.
2000 වසරේ සිට කරාතේ පංති බස්නාහිර පලාත තුළ ආරම්භ කර තිබෙන අතර මේ වනවිට බටුවත්ත කිරිල්ලවල ,ගණේමුල්ල ,මල්වතුහිරිපිටිය ,එඩේරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකම පංති පවත්වනුලැබේ.අප සංගමය මේ වනවිට ජාතික මටටමට ඒමට අවස්ථාව ලැබී තිබේ .වසරකට වරක් කුමන හෝ රටකට ජාත්‍යන්තර වශයෙන් දරුවන් සහභාගි කිරීමට පියවර ගැණේ
වීඩියෝව නරඹන්න subscribe කරන්න.
සමස්ත ලංකා තරගාවලියට ඉන්දියාට ගොස් ජයග්‍රහනය කර තිබෙන අතර ජාත්‍යන්තර තරග සදහා අපේ දරුවන් යොමු කරන්න විශේෂ හැකියාවක් තිබේ 2020 ඉන්දියාවේ ගොස් සමස්තලංකා තරගාවලියෙන්ද ජයග්‍රහනය කර තිබීම විශේෂත්වයක්.

ලබන අගොස්තු මාසයේ 18 වැනිදා රුසියාවේන් ප්‍රධාන උපදේශකවරු කණ්ඩායමක් ගෙන්වා ඹවුන් හරහා දරුවන් ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න පුහුණුවක් ලබා දීමට කටයුතු කිරීමට අප සංගමය පියවර ගැනීටම නියමිතයි..

සටන් කලාවට විශාල වශයෙන් උපදේශක වරු බිහිවෙයි..නමුත් දරුවාගේ ස්නායු පද්ධතිය පිලිබද විශේෂ හැකියාවක් යොමු කර ක්‍රීඩා විද්‍යාව තුළින් සෑම දරුවකුම එකම ක්‍රමයට ගෙන ආයුතුයි. නමුත් අපේ උපදේශකවරු නිසියාකාරව සිදු කරන බවක් පේන්න නැහැ. උපදේශක වරු දක්ෂයි නමුත් ක්‍රීඩා විද්‍යාව තුළින් මෙය කරගෙන යායුතුයි.
ශ්‍රී ලංකාව තුළ පිලිගත් ආයතනයක් ලෙස ශ්‍රී ලංකා කරාතේ දෝ සංමේලනයේ ලියාපදිචි කර තිබෙනවා. එම සම්මේලනයේ ගම්පහ දිස්ත්‍රක් සභාපති වරයාත් මමයි.
වීඩියෝව නරඹන්න subscribe කරන්න
ශ්‍රි ලංකා පාසල් කරාතේ දෝ සම්මේලනයේ ඒ ශ්‍රේණියේ ජේෂ්ඨ කරාතේ උපදේශකයෙක් හැටියට මම කටයුතු කරනව්.
, ක්‍රීඩා විද්‍යා ආයතනයේ ක්‍රීඩා පුහුණු කරුවකු හැටියට ලියාපදිංචිකර ඇත. ඉදිරියේදී රටවල් පහක උපදේශකවරු ගෙන්වා දරුවන්ට පුහුණුවක් ලබාදීමට තම ආයතනය කටයුතු කරනු ලබයි. මීට අමතරව ඒ ශ්‍රෙණියෙ කරතේ උපදේශයක් හැටියට කටයුතු කරනවා.ක්‍රිඩා විද්‍යා ආයතනයේ ලියාපදිංචි කල ආයතනයක්.ශ්‍රි ලංකා වෘත්තිය පුහුණු අධිකාරියේ තම ආයතනය ලියාපදිංචි කර අපේ දරුවන්ට N V Qලෙවල් 4 ලංකා කරාතේ පුහුණු කරු ලෙස ලංකාවේ පලමුවැනි ආයතයය බිහි බවකල බවද මහේෂ් කුමාර මහතා පැවසුවේය.

ඹබේ දරුවාත් නිවැරදිව ක්‍රිඩා විද්‍යාව හරහා කරාතේ පුහුණුව ලබාදීමට කමැත්තක් දක්වන්නේ නම් දරුවා මානසික ආතතියෙන් දුරස් කොට යහගුණ පිරි දරුවකු සමාජ ගත කිරිමට අවශ්‍යනම් 0786598989 , 0776964742, A.M.WL.Mahesh kumara යන දුරකථන අංකවලට හෝ amwlm.kumara@gmail .com මේල් එකට .T.M.A.Shotokan karate sport training center ආයතනයට එවීමෙන් ඹබට පහසු සේවාවක් ඉතා කාර්යක්ෂම අන්දමින් සපයා ගත හැකිවෙයි.
NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න