Spread the love

සිමෙන්ති මිටියක් රුපියල් තුන්සියයක් පන්සියයක් අතර ප්‍රමාණයකින් මිල පහළ දමන බවට වෙළඳා ඇමතිවරයා විසින් කළ ප්‍රකාශය විහිළුවක් බවට පත් වී ඇතැයි ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමය සඳහන් කරයි.

සිමෙන්ති නිෂ්පාදකයන් හා ආනයන කරුවන් සිමෙන්ති මිල අඩු කිරීමට එකඟ තාවක් පළ කර නොමැති බවට තොරතුරු ලැබී ඇති බව ද සංගමයේ සභාපති සුසන්ත ලියනගේ මහතා පැවසීය.

නිශ්චිත මිලක් නියම කර පසු සිමෙන්ති නිෂ්පාදකයන් හා ආනයන කරුවන් එය නොසලකා කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.