Spread the love

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ ජලාශවල ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව , වාරිමාර්ග,ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් පොල්ගොල්ලේ පිහිටි ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් මධ්‍යස්ථානයෙහිදී ජලාශවල කාර්යභාර ඉංජිනේරුවරුන් හා අංශ ප්‍රධානීන් සමග පැවැති සාකච්ජාවේදී ඇමතිවරයා මේ බව පැවසුවේය.

මෙම අවස්ථාව සඳහා මහවැලි අධිකාරියේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු ඩී.එම්. ධර්මදාස මහතා සහ මහවැලි අධිකාරියේ ජලාශ භාර සියලුම කාර්යභාර්‍ය ඉංජිනේරුවරුන් ද අනෙකුත් අංශ ප්‍රධානීන් ද සහභාගිවුහ.