Spread the love

නිමල් රාජපක්ෂ-

දකුණු පලාතේ ජනතාවට කොළඹට එන්නේ තැතිව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවෙන් තම වාහනයේ ලියාපදංචිය , බලපත්‍රය ලබා ගැනීමේ ගැටලු හෝ රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන්, ආබාධිත අයකුගේ ද ගැටලුවක් වෙතොත් එය ට විසදුම් ලබා දීමේ අරමුණින් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව මගින් මේ මස 10 සෙනසුරාදා ගාල්ලේ හෝල් ඩී ගෝල් ශාලාවේදී උදේ 8.30 සිට 5.30 දක්වා ජංගම සේවයක් පැවැත්වේ.


මෙදිනට ඹබට තිබෙන වාහන ගැටලු , රියදුරු බලපත් සම්බන්ධයෙන් පවතින සියළුම ගැටලු වලම ක්ෂණිකවම විසදුම් ලබාදෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ද විරසිංහ මහතා පවසයි.
දකුණු පලාතේ ජනතාවට මෙය මහගු අවස්ථාවක් බැවින් මෙදිනට නොවරදවාම පැමිණ ඹබගේ ගැටලුව විසදාගන්න . මෙම අවස්ථාවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ කොළඹ ,නාරහේන්පිට කාර්යාල වල නිලධාරීන් හා ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේ ,දකුණු පලාත් ප්‍රධාන ලේකම් කාර්යාලය,දකුණ පලාත් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව,ගාල්ල දිස්ත්‍රික් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තු කාර්යාලයේ නිලධාරීන් සියල්ල ගේ සහභාගිත්වෙයෙන් මෙම ජංගම සේවාව පැවැත්වේ. තැරුව් කරුවන්ට හසු නොවී එදිනම සියලු ගැටලු වලට විසදුම් ලබා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුව මගින් පැවැත්වෙන මෙම ජංගම සේවාවට ඹබට මහගු සේවාවක් ලබා දෙනු ඇත.

විඩියෝව නරඹන්න subscribe කරන්න