Spread the love

රෙදිපිළි කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයක් පිරිසිදු කරමින් සිටි තරුණයෙකු යන්ත්‍රයට හිස සිරවීමෙන් පෙරේදා (03) මියගොස් ඇති බවට ලද පැමිණිල්ලක් මත කළුතර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වස්කඩුව පොකුණවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි මිද්දෙනිය, කටුවන, මොරගලගොඩ, කෝපියවත්ත ප්‍රදේශයේ පදිංචිසෝලංග ආරච්චිගේ චාමර උදයංග නමැති 22 අය මෙලෙස මියගොස් ඇත.

මුද්‍රණ යන්ත්‍රය පිරිසිදු කිරීම සඳහා හිස තරමක් මැෂිම තුළට දැමිය යුතුව බවත්, මියගොස් ඇති පුද්ගලයා අළුයම 3 ට පමණ නූල් කැබලි මැෂිම තුළ තිබී පිරිසිදු කිරීමට යාමේදී වෙනත් පුද්ගලයකු විසින් වැරදි ස්විචයක් ක්‍රියාත්මක කර ඇති බවට ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ක්ෂණිකව ක්‍රියාත්මකවූ යන්ත්‍රය පහත්වීමේදී තරුණයාගේ හිස සිරවී ඇති බවත් , යන්ත්‍රය වහා විදුලිය විසන්ධි කර කටින් ලේ ගලමින් සිටි තරුණයා සේවකයින් ඉවතට ගෙන තිබේ. බරපතළ තුවාල ලබා සිටි තරුණයා කළුතර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් ඇතත් රෝහල් ගතකිරීමේදී මියගොස් සිට ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෘත දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇතැයි පොලිසිය කීය. ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ලක්සිත සහ උප පොලිස් පරීක්ෂක ඉන්ද්‍රජිත් ඇතුළු නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.