Spread the love

බ්‍රසීල් නට් Brazil nut (Bertholletia excelsa).

Lecythidaceae පවුලේ දකුණු ඇමරිකානු නිවර්තන තෙත් වනාන්තරවල පිහිටි ගසක් වන මෙහි හටගන්නා ආහාරයට ගත හැකි බීජ වාණිජමය වැදගත්කමකින් යුක්ත වේ.

එය ඇමසන් වනාන්තරයේ විශාලතම හා වැඩිම කළක් ජීවත් වන වෘක්ෂ වලින් එකකි.

මෙය බ්‍රසීලයෙන් ප්‍රධාන වශයෙන් අපනයනය කරන බැවින් බ්‍රසීල් නට් ලෙස හැඳින්වේ. මෙම බීජ ඖෂධීය හා රූපලාවන්‍ය වටිනාකමකින්ද යුක්ත වේ.

මෙය ගෝලීයව වඳ වී යාමේ තර්ජනයට ලක්විය හැකි (Vulnerable – VU) ශාකයක් වන අතර, පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට 1880 හඳුන්වා දුන් දැනට පවතින ශාක එකතුවෙහි සංරක්ෂණය වී ඇති වෘක්ෂයකි.

සංස්කරණය – ආචාර්ය අචලා අත්තනායක ,

ජායාරූපය – අයි.විජයරත්න

ලබන සතියේත් රාජකීය උද්භිද උද්‍යානයෙන් මෙවැනිම වටිනා ශාකයක් පිළිබද ලිපියක් බලාපොරොත්තු වන්න-නිමල් රාජපක්ෂ-