Spread the love

හෙටට (03) යෙදෙන පොසොන් පුර පසළොස්වක පොහොය වෙනුවෙන් බන්ධනාගාර සිරකරුවන් 440 කුව ජනාධිපති (විශේෂ රාජ්‍ය )සමාව ලබාදීමට පියවර ගෙන ඇතිබව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්දන ඒකනායක මහතා පැවසීය.

ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම විවස්තාවෙන් ලැබි ඇති බලතල ප්‍රකාරව එම සමාව ලබාදීම සිදුකර තිබේ.

ඒ අනුව බන්ධනාගාරගතව හෙට දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14 ක සමාවක් ලබා දීම ඉන් එක් කොන්දේසියකි.

දඩ මුදල් නොගෙවීම මත හෙට වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහොසි කිරීම,

දඩ දඬුවම්ද ඇතුලත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර හෙටට එම දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරිම වීම යන නියමයන්ට අනුව රාජ්‍ය සමාව ලබාදීමට නියමිත බව පැවසීය.

ඊට අමතරව ජීවිතාන්ත සිරදඬුවම් නියම වු සිරකරුවන් අතරින් අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිරදඬුවම නියමකර ඇති සිරකරුවනගේ සිර දඬුවම වසර 15 කට අඩුකර මහාධිකරණයෙන් දඬුවම් නියමකල දින සිට ක්‍රියාත්මක කිරීම,

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් කර පුණරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ පුණරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය ප්‍රජා විහෝධන නිළධාරීයෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටත්ව අහෝසි කිරිම වැනි කොන්දේසි ද ඇතුළත් බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

පසුගිය 22 වන විට බන්ධනාගාරගතව සිරදඩුවම් විදිමින් සිටින සිරකරුවන් හා සිරකාරියන් කෙරෙහි පමණි.

ඒ අනුව විශේෂ ජනාධිපති සමාව යටතේ හෙට දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයන් තුළින් සිරකරුවන් නිදහස් වීමට නියමිත බව වැඩිදුරටත් පැවසීය.