Spread the love


නිමල් රාජපක්ෂ-

වී වගාව තුළ ගොඩවෙල්ලා හෙවත් Spodoptera දළඹු හානිය මේ වනවිට ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බැවින් දළඹු හානිය වළක්වා ගත හැකි වසංගත තත්ත්වයක් වන අතර ඒ සඳහා සියලු ගොවිජනතාවගේ ක්‍රියාකාරි සහයෝගය අවශ්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ඒ අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොඩවෙල්ලා දළඹු හානිය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර සම්බන්ධව ගොවි ජනතාවට උපදෙස් රැසක් ලබා දී තිබේ.
දළඹු හානිය ඇති ලියැදිවලට හැකි නම් හොඳින් පිරි ඉතීරී යන තරමට ජලය පිරවීම. (Flooding The infected fields), පක්ෂින්ට වැසිය හැකි ස්ථාන පිහිටුවීම (Bird sitting places), දළඹුවන් අතින් ඇහිඳ විනාශ කළ හැකි මට්ටමේ පවතී නම් එසේ විනාශ කිරීම, කුඹුරුවල ඇති වල්පැළ විනාශ කිරීම, කුඹුරේ වැටි හා නියර වල්පැළ ඇත්නම් ඒවා ඉවත් කර පිරිසිදුව තබා ගැනීම,
රසායනික ක්‍රම මගින් පාලනය කිරීම – Chemical Management, අ ඩු විසක් සහිත පරිසරයට හානි නොවන රසායනික ද්‍රව්‍ය ලෙස සැළකෙන රසායනික ද්‍රව්‍ය යොදා ගැනීම,Chlorantraniliprole 200g/1 sc, Flubendiamide 240g/kg WG, Tebufenozide 200 g/l sc, Thiamethoxam 20%+ chlorantraniliprole 20% (w/w) WG), මෙම රසායනික ද්‍රව්‍ය සවස් කාලයේ හෝ ලියැදිවලට වතුර හැරවීමෙන් පසුව යෙදිය යුතුය., එමෙන්ම මෙම රසායනික ද්‍රව්‍ය යෙදීමේ දී අනුමත හා නිර්දේශිත ප්‍රමාණයන් යෙදිය යුතුය, අනුමත කරන ලද රසායනික යෙදවුම් හෙක්ටෙයාර් එකකට ටැංකි 25 වත් යෙදිය යුතුය, දළඹුවන් කුඹුරු වගා බිම තුළ කලින්ම හඳුනාගැනීම වැදගත් වේ, දළඹුවාගේ ජීවන චක්‍රයේ 04වන අවස්ථාවට පැමිණීමට පෙර රසායනික ද්‍රව්‍ය යෙදිය යුතුය.

මෙම උපදෙස් පිළිපැදීම මගින් ගොඩවෙල්ලාගෙන් සිදුවන හානි වළක්වා ගත හැකි අතර සෑම විටම ප්‍රදේශයේ කෘෂිකර්ම ව්‍යාප්ත කටයුතු භාරව කටයුතු කරන නිලධාරියාගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී.