Spread the love

පසුගිය සතිය තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 2289 දෙනෙකු මෙරටින් වාර්තා වී ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥා වෛද්‍ය අනෝජා වීරසිංහ මහත්මිය පැවසූවාය.

එම රෝගීන්ගෙන් 469 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

එම කාලසීමාව තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඩෙංගු රෝගීන් 513 දෙනෙකු වාර්තා වී ඇතිබව වැඩිදුරටත් පැවසූවාය.