Spread the love

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කිසිදු පාසලකට විභාගය පැවැත්වෙන කාළසීමාව තුළදී බාහිර පාර්ශ්වයකට ඇතුළුවීම තහනම් බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

තවද විභාගයට අදාළ ලියකියවිලි හැර වෙනත් කිසිදු පත්‍රිකාවක් සිසුන් අතර බෙදාහැරීම නොකළ යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා දැනුම් දෙයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පෙරෙදා (29) ආරම්භ කෙරුණි.

එය ලබන මස 08 වනදා දක්වා පැවැත්වෙයි.

ඒ සඳහා අපේක්ෂකයින් 472,553 දෙනෙකු පෙනීසිටින අතර දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,568කදී විභාගය පැවැත්වීමට කටයුතු සලසා තිබුණි.