Spread the love


නිමල් රාජපක්ෂ-

ලෝක වෙළෙඳපොළේ සිමෙන්ති, යකඩ සහ ඇලුමිනියම් ඇතුළු භාණ්ඩ රැසක මිල පහත බැස ඇති බවත්, ඊට ඩොලරය අවප්‍රමාණය වීමේ වාසිය මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය බලගැන්වීම සඳහා යොදා ගත යුතු බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රුපියලේ අගය 20%කින් පමණ අධිප්‍රමාණය වී ඇති පසුබිම තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහළ ගොස් ඇති ආකාරය සොයා බැලීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) මුදල් අමාත්යාංිශයේ දී පැවැති අවස්ථාවේදී මේ බව අනාවරණය කළේය.
මෙහි දී විශේෂයෙන් ම ඉදිකිරීම් ක්ෂේත්‍රය යළි බලගැන්වීම සඳහා වන යෝජනා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි.

මෙහි දී කියා සිටියේ ය. විවෘත ආර්ථිකය යටතේ මිල අඩුවීමේ ඉබේ සිදු වීමට ඉඩ නොතබා අවශ්‍ය මැදිහත්වීම් සිදු කළ යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මිල වැඩිවීමේ වේගයට සාපේක්ෂව මිල අඩුවීම සිදු වන්නේ ඉතා මන්දගාමී ආකාරයෙන් බව සඳහන් කළ සියඹලාපිටිය මහතා කියා සිටියේ ඒ සඳහා අවශ්ය සහය ලබා දීමට රජය සූදානම් බවයි. රජය මගින් විවිධ කොන්ත්‍රාත් කරුවන් සඳහා ගෙවා දැමීමට තිබුණ රුපියල් බිලියන 360ක බිල්පත් ගෙවා දැමමින් සිටින බව පෙන්වා දුන් සියඹලාපිටිය ඇමතිවරයා කියා තවත් ගෙවීමට ඇත්තේ රුපියල් බිලියන 135ක බිල්පත් පමණක් බව ද කියා සිටියේ ය.

ඉදිරි කාලය තුළ ගොඩනැගිලි ද්‍රව්‍ය මිල පහත යන ආකාරය නිරීක්ෂය කරමින් මසකින් රැස්වී අදාළ මිල ගණන් පහත දමන ප්‍රතිශතය නිශ්චිත දැනුම් දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ය.

වෙළෙඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව, කර්මාන්ත අමාත්‍යාංශය, පාරිභෝගික සේවා අධිකාරිය වැනි ආයතන නියෝජනය කරමින් මෙම අවස්ථාවට නියෝජිතයෝ සහභාගී වූහ.

පසුගිය දා අමාත්‍යරයා දේශීය සපත්තු සහ බෑග් නිෂ්පාදකයන් සමග පැවැති මෙවැනි සාකච්ඡාවකින් අනතුරුව පාසල් බෑග් සහ සපත්තු මිල ගණන් පහත හෙලීමට ද තීරණය කෙරිණි.