Spread the love


නිමල් රාජපක්ෂ-

තුර්කියේ අගනුවර වන ස්ථාන්බුල් සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපල අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කළ බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
ඇමතිවරයා එසේ පැවසුවේය ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිනිය වන ඩිමෙට් ශෙකිර්ජිඕලු (Demet Sekercioglu) මහත්මිය සහ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අතර මැයි 30 (අද) දින පෙරවරුවේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්වුණු අතර මෙම අවස්ථාවට තුර්කි ගුවන්සේවා සමාගමේ දකුණු ආසියානු කාර්යාලයේ ප්‍රධානි ෆාති බොස්කට් (Fathi Bozkurt) මහතාද සහභාගි විය.
දැනට තුර්කි ගුවන් සේවාවන් මාලදිවයින හරහා ශ්‍රී ලංකාවට පැමිණෙන බවත්, මෙහිදී පැය එකහමාරක අමතර කාලයක් වැයකිරීමට සිදුවන අතර එම ප්‍රමාදයන් පිළිබඳව සංචාරකයින් එතරම් කැමැත්තක් නොදක්වන බව තානාපතිවරිය ඇමතිවරයාට පැවසීය.
නමුත් තුර්කි සංචාරකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට වැඩි කැමැත්තක් දක්වන බැවින් ස්ථාන්බුල් සහ කටුනායක අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට අවශ්‍ය කාලය සහ ඉඩකඩ ලබා දෙන ලෙස තුර්කි ගුවන්සේවා සමාගමේ ප්‍රධානියා ඉල්ලීමක් කලේය.
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ එම ඉල්ලීම ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් වරයාට සහ ගුවන්සේවා සමාගමට යොමුකර,මේ වසරේ අගෝස්තු මස සිට ස්ථාන්බුල් සිට කටුනායක දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන බවයි.
ගුවන්යානා 100 කට වැඩි සංචිතයක් තිබෙන තුර්කි ගුවන්සේවා සමාගම යුරෝපයේ වැන්කුවර්,නිව්යෝර්ක් යන නගර අතරද ගුවන්සේවා පවත්වන බැවින් යුරෝපා ජාතික සංචාරකයින් ද ශ්‍රී ලංකාවට රැගෙන ආ හැකි බව තුර්කි ගුවන්සේවා සමාගමේ ප්‍රධානියා පැවසීය.
මෙහිදී තවදුරටත් අමාත්‍යවරයා කියාසිටියේ : දෙරට අතර මෙම සෘජු ගුවන් සේවා ආරම්භ කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල ශක්තියක් ලැබෙන බවත් දෙරටේ ආර්ථික හා සංස්කෘතික සම්බන්ධතා ගොඩ නැගෙන බවයි