Spread the love

ඉන්ධන කෝටාව වැඩිකිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පියවර ගෙන තිබේ.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, එළැඹෙන අඟහරුවාදා මධ්‍යම රාත්‍රීයේ සිට අදාළ සංශෝධනය බලපැවැත්වෙන බවය.

ඒ අනුව ලියාපදිංචි ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන කෝටාව සතියකට ලීටර් 22ක් සහ අනෙකුත් ත්‍රීරෝද රථ සඳහා සතියකට ලීටර් 14ක් ලබාදීමට නියමිතය.

එමෙන්ම යතුරුපැදි සඳහා සතියකට ලීටර් 14ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.

මෝටර් රථ සඳහා සතියකට ලීටර් 40ක් ලබාදෙන අතර, බස් රථ සඳහා සතියකට ලීටර් 125ක ඉන්ධන කෝටාවක් ලබාදීමට නියමිතය.

වෑන් රථ සඳහා ලබා දී තිබූ ලීටර 30ක ඉන්ධන කෝටාව ලීටර 40 දක්වා ඉහළ දැමීමට තීරණය කර තිබේ.

මේ අතර, ලොරි රථ සඳහා ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

ඉන්ධන කෝටාව වෙනස් වෙන හැටි සම්පූර්ණ විස්තරය පහතින් දැක්වේ.