Spread the love

වසර 40 කට පසුව මන්නාරම තිරුකේදීස්වරන් ඓතිහාසක කෝවිලේ කොඩි එසවීමේ සඳහා යාපනයේ සිට කොඩි රැගෙන ඒමේ චාරිත්‍රය චාරිත්‍රානුකූලව පැවත්වුණි.

මන්නාරම තිරුකේදීස්වරන් කෝවිලේ වාර්ෂික දේව මංගල්ලය වෙනුවෙන් කොඩි එසවීම සිදුකෙරෙන අතර ප්‍රධාන කොඩිය යාපනයේ සිට රැගෙන ඒම 1982 වසර දක්වා සිදුකොට තිබුණි.

කෙසේ වෙතත් පැවති යුදමය වාතාවරනයන් හේතුවෙන් කොඩි චාරිත්‍රය නැවතී තිබුනු අතර එම චාරිත්‍රය නැවතත් 2023 වසරේ සිට අඛණ්ඩව සිදුකිරීමට පියවර ගන්නා බවටද තිරුකේදීස්වරන් කෝවිලේ භාරකාර මණ්ඩලය පැවසීය.