Spread the love

නිවෙස්වලින් හොර රහසේ පළාගිය සිසුන් තිදෙනෙක් කලු කැලේ රක්ෂිතයේ ගල් ගුහාවක සැඟවී සිටියදී සොයාගැනීමට කැප්පැටිපොළ පොලීසිය අද (27) සමත් වුණි.

මෙම සිසුන් වැලිමඩ, හෙවනකුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

වයස අවුරුදු 14 හැවිරිදි එම දරුවන් තිදෙනා හුදු විනෝදය සඳහා එලෙස ගොස් ඇති බව අනාවරණය වී තිබේ.