Spread the love

මාතර, වේරගම්පිට ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු අයුධයකින් සිදුකළ පහරදීමකදී පාසල් සිසුවෙකුගේ අතක් ශරීරයෙන් වෙන්වන සේ කැපීගොස් තිබේ.

ඊයේ (25) පස්වරුවේ සරුංගලයක් සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිගයාමෙන් පසු මෙම පහරදීම සිදුවී ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මාතර වේරගම්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකි.

පොලිසිය පැවසුවේ සැකකරුවන් විසින් සිසුවාට කඩුවකින් පහරදී ඇති අතර එහිදී සිසුවාගේ දකුණු අත ශරීරයෙන් වෙන්වී ගොස් ඇති බවය.

බරපතළ තුවාල ලැබූ පාසල් සිසුවා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යොමු කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (26) මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවද වාර්තා වෙයි