Spread the love

නාගොඩ- සුමන

දේශගුණික විපර්යාසයන් හමුවේ ඇන්ටාක්ටිකාවෙන් යෝධ මාරාන්තික සුනාමියක් ඇතිවිය හැකි බවට නවතම අධ්‍යයනයකින් අනතුරු ඇඟවීමක් සිදුකර ඇතිබව විදෙස් මාධ්‍ය පවසයි.

අධ්‍යයනයන්ට අදාළ විශේෂ වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ පිළිබඳව අනාවරණය කර තිබේ.
එම අධ්‍යයනය හරහා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඇන්ටාක්ටිකාවේ දිය යට සිදුවන නායයාම් හේතුවෙන් පෘථිවියේ දකුණු පසින් වූ සාගරයේ යෝධ සුනාමියක් ඇතිවිය හැකි භාවය.
එහි පරිමාණය පිළිබඳව නිසි සඳහනක් නොමැති වුවද එමගින් මීට වසර මිලියන ගණනකට පෙර එවැනි සුනාමි තත්ත්වයක් ඇතිවූ බවටද සාක්ෂි උපුටා දක්වා තිබේ.
ඒ අනුව වසර මිලියන ගණනකට පෙර දකුණු ඇමෙරිකාව, නවසීලන්තය සිට ගිණිකොණදිග ආසියාව දක්වා මෙම සුනාමි රළ ඇතිවී තිබෙන බවද එම වාර්තා වල දැක් වෙයි.

සුනාමි අනතුරු ඇඟවීම් හඳුනාගැනීමේ තාක්ෂණය තවදුරටත් වර්ධනය කළ යුතු බවට එම විද්‍යයින් විසින් දැනුම් දී ඇතිබව විදෙස් වාර්තා සදහන් කරයි.