Spread the love

මීට මාස කිහිපයකට පෙර මෙරට සංචාරයක නිරත වූ ඉන්දීය සිනමාවේ සුපිරි නළුවෙකු වන අශීෂ් විද්‍යාර්ථි දෙවන වරටත් යුග දිවියට පිවිස තිබේ.

60 හැවිරිදි වියේ පසුවන අශීෂ් අතගෙන ඇත්තේ Rupali Barua නම් කාන්තාවකගේය.

ඇය විලාසිතා නිර්මාණවේදිනියකි.

තමන්ගේ ප්‍රේමය ඉතා කලකට පෙර ඇතිවූවක් බවත් ඒ පිළිබඳව ඉදිරියේදී ප්‍රකාශ කරන බවත් අශීෂ් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

එසේම මොවුන්ගේ විවාහ උත්සවය පවුලේ ළඟම ඥාතීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදුව තිබේ.

නව යුග දිවිය පිළිබඳව අදහස් දක්වමින් Rupali Barua ප්‍රකාශ කර ඇත්තේ අශීෂ් යනු ලස්සන මිනිසෙකු බවත් ඔහු සමඟ ජීවත්වීම සතුටක් බවත්ය.