ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ Eliminator තරගයෙන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා ලකුණු 81 ක දැවැන්ත ජයක් වාර්තා කරමින් තරගාවලියේ Qualifier 2 තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්රීඩා කළ ලක්නව් කණ්ඩායමට පන්දුවාර 16.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 101 ක් පමණයි.
ඒ අනුව එළඹෙන 26 වැනිදා අහ්මදාබාද් හීදී පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේ දී මුබ්බායි කණ්ඩායම, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි. එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගය සදහා ක්රීඩා කිරීමට නියමිතයි.