Spread the love

ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල අද සිට පහත දමා තිබේ.

ඒ අනුව කිරිපිටි (ලංකා සතොස) ග්‍රෑම් 400 පැකට් එකක මිල රුපියල් 50කින් අඩුකර තිබෙන අතර එහි නව මිල රුපියල් 1,030 ක් බවයි සඳහන් .

මීට අමතරව වියළි මිරිස්, රතු පරිප්පු, සෝයා මීට් (තොග), ලොකු ලූනු, සුදු සීනි මිල පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.

කිරිපිටි (ලංකා සතොස) 400g – රු.50 කින් (නව මිල රු.1030), වියළි මිරිස් 1 KG – රු.45 කින් (නව මිල රු.1350), රතු පරිප්පු 1KG – රු.10 කින් (නව මිල රු.325),සෝයා මීට් (තොග) 1KG – රු.10 කින් (නව මිල රු.660), ලොකු ලූනු 1KG – රු.06 කින් (නව මිල රු.129), සුදු සීනි 1KG – රු.04 කින් (නව මිල රු.239) අඩු කර තිබේ.