Spread the love

නිමල් රාජපක්ෂ-

මෝටර් රථ වායු විමෝචන වැඩසටහනට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ පිරිස ඇගැයීමේ උලෙළක් ඊයේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවැත්විණ‍

මීට වසර ගණනාවකට පෙර මෙම වැඩසටහන ආරම්භ කිරීමට මුල් වී තිබුණේ පරිසරයේ හොඳ වාතාශ්‍රයක් ඇති කිරීම සඳහායි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කොට තිබිණ.

මෙහිදී සභාව ඇමතූ මොරටුව විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ිශ්‍රාමලත් මෝටර් රථ පරීක්ෂක thusitha සුගතපාල…

, මෙම වැඩසටහන ආරම්භ කළේ වාහනවල තත්ත්වය ඉහළ නැංවීමටයි එසේම පරිසරයේ හුස්ම ගැනීමේ අයිතිය ලබා දීමටයි.
වාහනයක තත්ත්වය පරික්ෂා කිරීම සඳහා ඉදිරියට වායු විමෝචනය පමණක් නොව ඉතිරි අංගෝපාංග පිළිබඳව ද මෙවැනි නියාමනයක් ඇති විය යුතු බව ඔහු පෙන්වා දුණි.

විශ්‍රාමලත් මෝටර් රථ පරීක්ෂක කේ ඩී නලවංශ මහතාද මෙහිදී අදහස් දැක්වූහ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ මෙවැනි වැඩසටහනක් තුළින් රටේ අනාගතය සුරක්ෂිත කර ඇති බවයි.මෙම වැඩසටහනට දායක වූ පුරෝගාමින් කීප දෙනෙක් අප අතර නැතත් ඔවුන්ට උපහාර පිදෙන බව ඔහු කියා සිටියා මෙහිදී වායු විමෝචන වැඩසටහනට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ තිස් දෙදෙනෙකු සඳහා උපහාර පිරි නැමිණ.

වීඩියෝව නරඹන්න subscribe කරන්න