Spread the love

ඩෙංගු මර්දන දෙසතියට සමගාමීව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මදුරු කීටයන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින්ට 307 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති කොළඹ නගර සභාව පවසයි.

එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා සඳහන් කළේ, එහිදී රතු නිවේදන 877 නිකුත් කර ඇති බවය.

“කොළඹ නගරය තුළ විශේෂ ඩෙංගු මර්දන දෙසතියක් ප්‍රකාශයට පත්කරා. ඒ මැයි 12 වදා සිට මැයි මස 26 වන දින දක්වා. මේවන විට කොළඹ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් නිවෙස් 26,033ක් පරීක්ෂා කරලා තියෙනවා. එයින් 3,505ක් 13.4%ක ප්‍රතිශතයක මදුරුවන් බෝවිය හැකි ස්ථාන තිබෙන බවට හොයාගෙන තිබෙනවා. එයින් මදුරු කීටයින් ඉන්න නිවාස 348ක් ඒ කියන්නේ 1.3%ක ප්‍රමාණයක මදුරු කීටයින් සොයාගන්න පුළුවන් වුණා. මේ හේතුව නිසාම අපිට අනිවාර්යයෙන්ම ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න වෙනවා. 307කට නඩු පවරලා තියෙනවා. රතු නිවේදන 877ක් නිකුත් කරලා තියෙනවා.”