Spread the love

2023 වසරේ මැයි 21 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 500,000 සීමාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිල වශයෙන් නිවේදනය කර සිටියි.

ඒ අනුව එම කාල සීමාව තුළ දී මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 498,319 ක් ලෙසයි.

2023 මුල් මාස 04 පුරාවටම මාසිකව ලක්ෂය ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති අතර මැයි මාසයේ 21 වන දින දක්වා පමණක් 57,142 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත.

මෙම කාල සීමාව තුළ පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් 15,052 ක් ඉන්දීය සංචාරකයින් වන අතර 5,318 ක සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ජර්මනියෙනි.

මීට අමතරව රුසියාවෙන් 5,273 ක්, එක්සත් රාජධානියෙන් 3,812 ක්, ඕස්ට්‍රේලියාවෙන් 3,039 ක් සහ චීනයෙන් 2,935 ක් ලෙසින් මැයි මාසයේ ගත වූ කාල සීමාව තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.