Spread the love

අපොස සා.පෙළ විභාගයට මෙවර පෙනි සිටින සිසුවෙකු මිතුරන් සමඟ පස්සර මැදවෙලගම ප්‍රදේශයේ මිතුරකුගේ නිවසකට පාඩම් කිරිමට ගොස් සිටියදී නිවසක උඩුමහලේ කොන්ක්‍රීට් තට්ටුවෙන් අඩි 27 ක් පමණ පහළට ඇද වැටී බරපතළ තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යැවිමෙන් අනතුරුව මියගිය බව පස්සර පොලිසිය පවසයි .

පස්සර රබර්වත්ත මඩුගස්තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පස්සර ජාතික පාසලේ ඉගෙනුම ලබමින් සිටි මෙවර අපොස සාපෙල විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දර්ශන විදුරංග (17) නැමති සිසුවා මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය .

මෙම සිසුවා මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින ඔහුගේ නිවසට නුදුරින් සිටින මිතුරකුගේ නිවසකට පාඩම් කිරිමට තවත් මිතුරන් කිහිපදෙනක් සමඟ ගොස් ඇති බවත් ,රාත්‍රියේ හදිසි අවශ්‍යතාවයකට මොහු නිවසේ ස්ලැබ් එකට නැගිමට යාමේ දී මෙසේ ඉන් බිමට ඇද වැටී ඇති බවත් පොලිසිය සදහන් කළේය .