Spread the love


නිමල් රාජපක්ෂ

මෙවර පොසොන් උත්සවය වෙනුවෙන් උතුර මැද පලාතේ අනුරාධපුරය පුජා නගරය කේන්ද්‍ර කර ගනිමින් සියළුම සුරාසැල් මේ මස 31 වැනි දින සිට ජුනි මන 6 වන දින දක්වා පුරා සතියක් වසා තබන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල් නියෝග කර ඇත.
ඊට සමගාමීව පොසොන් පොහොය නිමිති කරගෙන දිවයින පුරා සියළුම සුරාසැල් ජුනි මස 3 දින වසැ තැබෙන බවද සුරාබදු කොමාසාරිස් ජෙනරාල් වරයා ප්‍රකාශ කළේය.
අදාල දිනයන්හි දී සිය සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වැසීමට කටයුකු නොකරනු ලබන හෝ බලපත්‍ර කොන්දේසි කඩකරනු ලබන යම් සුරාබදු බලපත්‍රලත් ස්ථානයක් වෙතොත් ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දිවයිනේ සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් දී ඇතැයි සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,අතිරේක සුරාබදු කොමසාරිස් ජෙනරාල් (අදායම් මෙහෙයුම් හා නිති ක්‍රියාත්මක කිරීම් )ආචාර්ය කපිල කුමාරසිංහ මහතා පැවසුවේය.