පාසල් පද්ධතියේ කාලීන තත්වය පිළිබඳ සලකා බැලෙන පුළුල් සාකච්ඡාවක් අද දින අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සියලූ මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්විණ.
මේ සඳහා අමාත්‍යාංශ නිලධාරීන් හා විභාග කොමසාරිස්වරයා පැමිණ සිටි අතර විද්‍යාපීඨ කොමසාරිස්වරයා සහ ප්‍රකාශන කොමසාරිස්වරයා ඇතුළු සියලූ ම පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහභාගී වී සිටියේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ය.