Spread the love

පානයේ ඔසාකා හිදී පැවැත්වෙන C ශ්‍රේණිගත මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේදී සිය පුද්ගලික හොඳම දක්ෂතාව අද (06) දිනයේ වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන සමත්විය.

ඒ තත්පර 45.49ක දක්ෂතාවක් වාර්තා කරමින් එම ඉසව්වේදී දෙවන ස්ථානය හිමිකර ගත්තේය.

ඉන්දීය විවෘත පැරා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලියේ ටී 46 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා එහි ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.

ඒ තත්පර 13 .71ක දක්ෂතාවක් වාර්තා කරමිනි.T 35/42/47/62 කාණ්ඩයේ කාන්තා මීටර් 100 ඉසව්වට එක් වූ කුමුදිකා දයානී තත්පර 13.55ක දක්ෂතාවක් වාර්තා කරමින් දෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත්විය.