කොවිඩ් 19 තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
කොවිඩ් 19 ආසාධිතයින් සහ මරණ සංඛ්‍යාවේ අඩුවීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹි ඇත.
කොවිඩ් 19 ආසාධිතයින් රෝහල් ගත වීම සහ දැඩිසත්කාර ඒකකවලට ඇතුළුවීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවද එම සංවිධානය පෙන්වා දෙයි..
එමෙන්ම ගත වූ මාස කිහිපය තුළ ලෝක ජනගහනය තුළ කොඩිඩ් වෛරසයට මුහුණ දීම සඳහා සැලකිය යුතු ප්‍රතිශක්තිකරණයක් වර්ධනය වී ඇති බවට ද නිරීක්ෂණය වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
ගත වූ වසර 03 තුළ කොවිඩ් ආසාධිතයින් සීඝ්‍ර ලෙස ඉහළයාම හේතුවෙන් කොවිඩ් වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය රැස් වී කොවිඩි 19හි වර්තමාන ව්‍යාප්තිය පිළිබඳ සිදුකළ පුළුල් අධ්‍යයනයකින් අනතුරුව එය තවදුරටත් ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස නොසලකන බව පැවසුවේය.
වසංගත රෝග අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිති ගිනිගේ මහතා පැවසුවේ මෙරටින් දෛනිකව කොවිඩ් ආසාධිතයින් 06 දෙනෙකු පමණ වාර්තා වුවද එය අවදානම් තත්ත්වයක් නොවන බවය.