Spread the love

වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයට සමගාමීව ලැබුණු දීර්ග සතිඅන්ත නිවාඩුවක් සමඟ සිකුරාදා දින යාච්ඤාව සඳහා නුවරඑළිය ප්‍රධාන මුස්ලිම් පල්ලිය වෙත 8000ක් ඉක්මවූ මුස්ලිම් බැතිමතුන් (පිරිමි) පිරිසක් පැමිණි බව නුවරඑළිය මස්ජිදුල් කබීර් ප්‍රධාන ජුම්හා මුස්ලිම් පල්ලියේ දායක සභාව පවසයි .

ඔවුන් වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ මුස්ලිම් පල්ලියට අයත් ගොඩනැගිල්ල තුළ 6000ක අධික පිරිසකට යාඥා කටයුතු සිදු කිරීමට හැකි නමුත් පැමිණි මහා සෙනගත් සමඟ නුවරඑළිය පැරණි මහනුවර පාර මුළුමනින්ම ගමනාගමනය පැයකට අධික කාලයක් නවතා දමා නුවරඑළිය රථවාහන පොලිසියේ සහයෝගය සමගින් මාර්ගයේ ආගමික වතාවත් සිදු කිරීමට ඉඩහසර ලබාදුන් බවයි .

තවද මෙවන් විශාල ජනකායක් නුවරඑළියට පැමිණ ඇත්තේ 2019 වසරෙන් පසු බවද ඔහුන් කියති ,

බැතිමතුන් විශාල පිරිසක් මාර්ගය යාඥා කටයුතු කිරීමෙන් රථවාහන ගමනාගමනයට පැයක කාලයක් බාධා සිදු වූ අතර පැරණි නුවර මාර්ගය වෙනුවට අතුරු මාර්ග වල වාහන යෙදවීමට සිදු වූ බව නුවරඑළිය රථවාහන පොලිසිය පවසයි .