Spread the love

වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් 29කට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ වත්තල , අත්තනගල්ල , මීගමුව, මිනුවන්ගොඩ , ගම්පහ සහ මහර අධිකරණවල මෙම නඩු පැවරීම් සිදුකර ඇති බවයි.

වැඩිමිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් මගින් රුපියල් ලක්ෂ 41ක දඩ අයකරගෙන තිබෙනවා.

බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.

ඒ අනුව සුදු බිත්තරයක් අලෙවි කළ හැකිවන්නේ රුපියල් 44ක මිලකටයි.

මෙම පාලන මිල ඉක්මවා බිත්තර අලෙවිකරන වෙළෙදුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි පාරිභෝගිත කටයුතු පිළිබද අධිකාරිය සදහන් කළේ.