Spread the love

ඉදිරි මැයි දිනයේදී අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස ජනතා විමුක්ති පෙරමුණ ලෙස මැයි දින පෙළපාලිය සහ රැළිය පවත්වන බවට එම පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

ඉදිරියේදී මැතිවරණ සිතියම දිගින් දිගටම අකුලා දැමීමට කටයුතු කළොත් ජනතාව සමග පාරට බැස දැවැන්ත අරගලයක් කිරීමට ජාතික ජන බලවේගය සූදානමින් සිටින බවද ඔහු පැවසීය.

දැනටමත් ජනතාව එතනට තල්ලු වෙමින් සිටින බවටත් ජයසිංහ මහතා සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකදීය.